තරුණයෙක් ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වු හේතුව

police Arrested drugs maharagama young mann
By Sithumi Apr 29, 2021 09:48 AM GMT
Sithumi

Sithumi

Report

හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 4.58 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු තරුණයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. එසේ දඬුවම් නියම වුණේ, මහරගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට ය. 2017 වසරේ දෙසැම්බර් මස 21 වනදා පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් මහරගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් අනතුරුව මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා නියෝග කළේය 

Join now