යතුරුපැදියේ වේගය පාලනය කිරීමට නොහැකිව මුහුදට පෙරලී තරුණයෙකු මිය යයි….

Accident
By Thaya Feb 22, 2021 07:17 PM GMT
Report

යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි. යාපනය නගරයේ සිට පේදුරුතුඩුව දෙසට (20) රාත්‍රියේ මෙම තරුණයා යතුරුපැදියෙන් ගමන් කොට ඇති අතර එහිදී අදාල තරුණයා විසින් අධික වේගයකින් යතුරුපැදිය ධාවනය කිරීමේදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර් ගයෙන් ඉවතට පැන මුහුදු වෙරල දෙසට පෙරලී ගොස් ඇත. එහිදී ගල් සහිත් මුහුදු වෙරලට පෙරලී යාමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය. අනතුරින් මිය ගොස් ඇත්තේ පේදුරුතුඩුව කර් කොවිලම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පවකරන් නැමති තරුණයෙකු වන අතර පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.