ඔබත් වීදුරුවක් බීලා ප්‍රබෝධමත් වන්න... හැබැයි වැඩිය බොන්න බැහැ!!!!
මේ දවස්වල රටේ පවතින තත්ත්වය හමුවේ අපි සෞඛ්‍යමය ආහාර ගැනීම වඩාත් වැදගත් වනවා. ඉතින් මේ දිනවල ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත් වනවා. ඒ සඳහා අපට විවිධ ක්‍රම අනුගමනය කරන්නට පුළුවන්.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සඳහා පානය කල හැකි හොඳම පානය තමයි රසම් (තැම්බුම් හොද්ද) කියල කියන්නේ.
හරියටම රසම් එකක් හදන්න දන්නේ නැති නම් ඔන්න හරියට හදා ගන්න හැටි අද අපි ඔයාලට කියා දෙන්නම්.
රසම් (තැම්බුම් හොද්ද)
අවශ්‍ය ද්‍රව්‍ය
●කොත්තමල්ලි
●සූදුරු
●ගම්මිරිස්
●කරාබු නැටි
●ඉඟුරු
●සුදු ළූණු
●රතු ළූණු
●සියඹලා / ගොරකා
●රම්පේ
●කරපිංචා
●කුරුඳු
●අවශ්‍ය නම් අමු මිරිස් කරලක්
●කහ ස්වල්පයක්
●ලුනු
සාදන ක්‍රමය
ඉහත ද්‍රව්‍ය සියල්ල අවශ්‍ය පමණට ගෙන මදක් තලා පොඩි කර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොඳින් තම්බා පානය කරන්න. ඉන් ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වන අතර ඔබට නැවුම් බවක් ද දැනෙනු ඇත. ඔන්න ඒනම් අදම ගෙදර රසම් (තැම්බුම් හොද්ද) එකක් හදල පානය කරලා ඔබේ සෞඛ්‍ය ආරාක්ෂාව ඔබම ආරක්ෂා කර ගන්න.