ලිංගිකව සම්ප්‍රේශණය වෙන මේ රෝග 8 ගැන ඔබ දැනුවත්ද?

Sex Diseases
By Thaya Jan 19, 2021 04:56 PM GMT
Report

ලිංගික රෝග ලිංගික සම්බන්ධතා මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන තත්වයකි.

ලිංගාශ්‍රිත රෝග ඇති අයෙකු සමඟ අනාරක්ෂිත යෝනි, ගුද හෝ මුඛ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් ඔබත් මෙම රෝග තත්වයට ගොදුරු වෙන්න පුළුවන්.

මෙම රෝග බෝවෙන එකම ක්‍රමය ලිංගික ඇසුරක් පැවැත්වීම පමණක් නොවේ.

එකම එන්නත් කටු භාවිතය, රුධිර පාරවිලයනය පවා මේ සදහා හේතු වෙන්න පුළුවන්.

ලිංගික රෝග වල රෝග ලක්ෂණ : පිරිමි

රෝග ලක්ෂණ නොපෙන්නුවද සමහර අය තුල රෝගය වැළදි තිබෙන්න පුළුවන්. ලිංගික රෝග සමග පෙන්නුම් කරන රෝග ලක්ෂණ පහත පරිදි වෙනවා.

ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව

ශිෂේණය, වෘෂණ කෝෂ, ගුදය, තට්ටම්, කලවා හෝ මුඛය මත හෝ අවට තුවාල, ගැටිති හෝ රූෂ් ඇතිවීම

ශිෂේණයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම

වේදනාකාරී හෝ ඉදිමුණු වෘෂණ කෝෂ ඇතිවීම

Gallery