බත් පාර්සලයෙන් පනුවන් මතුවෙයි...නිරෝධායන මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක්.

Police Hatton
By Thaya Jan 25, 2021 02:38 PM GMT
Thaya

Thaya

Report

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන බගවන්තලාව මෝරා තේ වතු යායේ පිහිටි ජාතික වැවිලි කලමණාකරණ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන අසාදිතයන් (24) දින උදැසන ලබාදුන් ආහාර ලබා ගැනිම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

(24) දින උදැසන බත් , පොල් සම්බොල සහ ව්‍යාංජනයක් සමග ලබාදුන් බවත්, එසේ ලබාදුන් පාර්සල් කිහිපයක පණුවන් සිටි බවයි එම නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන අසාදිතයන් කියා සිටියේ.

තවද එම නිරෝධායන මධ්‍යස්ථානය තුල ඉඩ ප්‍රමාණවත් නොවන බවත් , පවතින සෞඛ්‍යය පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන අසාදිතයන් කියා සිටියේ.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු , හෙද නිලධාරින් කිහිප දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබන එම නිරෝධායන මධ්‍යස්ථානය තුල තලෙයිමන්නාරම , ගලේවෙල , ගම්පහ ,නුවරඑලිය ,කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාදිතයන් 136 දෙනෙකු ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති අතර,එම නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 50 දෙනෙකු පමණ සුවය ලබා පිටව ගොස් ඇත.

(24) දින උදැසන ලබාදුන් ආහාර අසාදිතයන් ප්‍රතික්ෂේප කර ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට පැමිණි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් සමග අසාදිතයන් රැදි සිටින නිරෝධායන මධ්‍යස්ථානයේ උඩු මහලේ සිට ජනේල විවෘත කර අසාදිතයන්ගේ ගැටළු ඉදිරිපත් කරනු ලැබුහ.

එම නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අසාදිතයන් නගන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් පසු හැකි උපරිම අයුරින් පහසුකම් සැලසිමට කටයුතු කරන බව එම නිලධාරින් අසාදිතයන් හමුවේ පැවසිය.

නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ලබාදෙන ආහාර පිරිසිදු නොවන බවත් , අසාදිතයන් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම නිරෝධායන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙහි භාර දික්ඔය මුලික රෝහලේ නිලධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන අසාදිතයන් කිහිප දෙනෙකු කඩිනමින් නිවාස කරා යාමට විවිධ උපක්‍රම යොදන බවයි.

නිරෝධායන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙය සේවකයින් හත් දෙනෙකු වැනි අවම පිරිසකගෙන් පවත්නාගෙන යන බවත්, හැකි උපරිම අයුරින් අසාදිතයන්ගේ සෞඛ්‍යය පහසුකම් ඉහල නංවා පිරිසිදු ආහාර අසාදිතයන්ට ලබාදිමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ