“ලෝක තෙත්බිම් “ දිනය අදයි...

World
By Thaya Feb 02, 2021 06:32 PM GMT
Thaya

Thaya

Report

“ලෝක තෙත්බිම් “ දිනය අදට (02) යෙදී තිබෙනවා.

1971 වසරේ පෙබරවාරි මස 02 වන දින ඉරානයේ රැම්සාර්හිදී පවත්වන ලද සම්මුතියට අනුව සෑම වසරකම පෙබරවාරි 02 වන දිනය ලෝක තෙත් බිම් දිනය ලෙස නම්කර ඇති බව සදහන් ය.

මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම් සහ ජලය “ යන්න යොදාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා, "ලෝක තෙත්බිම් දින උත්සවය අපි ආනවිලුන්දාව අභය භූමියේ පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. තෙත්බිම් පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අඩු වටිනාකමක් සහ අඩු තක්සේරුවක්. ඒ නිසා තෙත්බිම් ප්‍රයෝජනයක් නැති බිම් ලෙස සලකලා ගොඩ කරන්න පෙළඹෙනවා. නමුත් තෙත්බිමක වටිනාකම මැන නිමකළ නොහැකියි." යනුවෙන් පැවසීය.