වැඩකරන වේලාව වෙනස් වෙයි?...සතියකට පැය 40ක් වැඩකළ යුතුයි...කලින් එන්න යන්න පුළුවන්.

Uthaya Gammanpila
By Thaya Jan 13, 2021 06:35 PM GMT
Thaya

Thaya

Report

රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටිනවා.

අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“සතියකට පැය 40ක් වැඩකරන්න ඕනේ නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා” යැයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.