බදාම අඳින කොට එකපාර යන්ත්‍රෙත් එක්කම බිමට වැටිලා - තරුණයෙක් ජීවිතක්ෂයට

Report

කළුතර පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සිදු කරමින් සිටියදී කොන්ක්‍රීට් මිශ්‍රණ මැෂිමට යටවීමෙන් 24 හැවිරිදි තරුණයකු ඊයේ (06) දින මියගොස් ඇති බව කළුතර පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ යොවුන්ගම, ගල්ගොඩවත්ත, හල්කඳවිල, පයාගල ලිපිනයේ පදිංචිව සිටි වැලිවිට මුදලිගේ විශ්ව ප්‍රබුද්ධ (24) නම් තරුණ‍යෙක්.

එසේම පොලිසිය පැවසුවේ මෙම මරණකරු එම වැඩ බිමේ දෙවැනි මහලේ සවිකර තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණ මැෂිමෙන් සිමෙන්ති බදාම ඉහළට අදිමින් සිටියදී එකවරම එම යන්ත්‍රය සමඟම පහත මාලයට ඇද වැටී ඇති බවයි.

බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකින් පෙරළෙයි - 13ක් මරුට - 34ක් රෝහලේ

බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකින් පෙරළෙයි - 13ක් මරුට - 34ක් රෝහලේ

අනතුරුව මෙම තරුණයා සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයට යටවීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත.

කෙසේ වුවද අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයාව එම වැඩබිමේ සේවකයින් විසින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි තරුණයා මරණයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මේ අතර පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ සි සී ටී වී දර්ශනවල සටහන්ව ඇති බවයි.

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

විදුලි ඒකකයට ගෙවන මිල තවත් අඩු කරයි - තවත් පිරිසක් අසරණ වෙයි

විදුලි ඒකකයට ගෙවන මිල තවත් අඩු කරයි - තවත් පිරිසක් අසරණ වෙයි