වාහන උස්සන කල්ලි වලට වැඩ වරදින ලකුණු

Vehicle
By Thaya Apr 01, 2021 04:30 AM GMT
Report

උත්සව සමයේ වාහන සොරකම් කරන කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් යුත් පොලිස් කණ්ඩායම් යෙදවීමට පොලිස් මූලස්ථානය නියෝග ලබාදී තිබෙනවා. ගතවූ පැය විසිහතරට පමණක් යතුරුපැදි හයක් හා ත්‍රිරෝද රථ තුනක්, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලින් සොරකම් කර තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ. සංවිධානාත්මක කණ්ඩායම් වාහනවල අගුළු ඉවත් කර ඒවා සොරකම් කරගෙන යාමට පෙලඹී ඇති බැවින් යතුරුපැදි, ත්‍රීවීල් ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා