ආදරවන්තයින්ගේ දිනයේ ටියුෂන් ගුරුවරයෙකු සිදුකළ අපූරු වැඩක් මෙන්න.

Valentines
By Thaya Feb 14, 2021 04:43 PM GMT
Thaya

Thaya

Report

අද දිනට යෙදි ඇති ආදරවන්තයන්ගේ දිනයේදි විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් , දෘශ්‍යාබාධිතයන් , ශ්‍රවණාබාධිතයන් පිරිසක් ශ්‍රි පාදය කරුණා කරවිමට බාහිර පන්ති ගුරුවරයෙකු සහ ඔහුගේ සිසුන් පිරිසක් (14) දින කටයුතු කර ඇත. හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රිසි බාහිර පන්ති දිවයින පුරා පවත්වන සනත් අත්තඩිය මහතා සහ ඔහුගේ පන්තිවලට සහභාගි වන දිවයින පුරා සිසුන් පිරිසක් එක් කර ගනිමින් අබාධිත පිරිස ශ්‍රි පාදය කරුණා කරවනු ලැබුවේ. ශාන්ත ජොන් ගිලන් රථ සේවයේ සහයද ලබා ගනිමින් ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන සේවාවක් සලසා ගනිමින් ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඉදි කටු පහන සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා අත් වැට විෂබිජහරණය කරමින් මෙම පිරිස ශ්‍රි පාදය කරුණා කරවිමට කටයුතු කර ඇත.

අබාධිත පිරිසට කිහිලිකරු,අත්වාරු , ආහාර පාන , ප්‍රවාහන පහසුකම් , සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙමින් එම ගුරුවරයාගේ මුල්‍යය දායකත්වයෙන් සිසුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කර ඇත. (13) දින රාත්‍රියේ සිට අබාධිත පිරිස ශ්‍රි පාදය කරුණා කරවිමට කටයුතු කර ඇති අතර , එම පිරිස ශ්‍රි පාදය කරුණා කිරිමට ප්‍රථම සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ග උපදේශ වලට අනුකුලව අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යයාල අවසර පත්‍රයද ලබාගෙන මෙම පිරිස ශ්‍රි පාදස්ථානය කරුණා කරවිමට කටයුතු කල බවයි සනත් අත්තඩිය මහතා කියා සිටියේ.