devon ඇල්ලෙන් ඇද වැටී තරුණියක් අතුරුදන්

sri lanka Devon falls
By Sithumi Jul 18, 2021 02:30 PM GMT
Report

ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටි අවු 19 තරුණියක් අතුරුදහන් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් සෙන් තොමස් වත්තේ ලිදුල ප්‍රදේශයේ පදිංචි මනි පවිත්‍රා (19) නැමති තරුණියකි.

අතුරුදහන් වි ඇති තරුණිය ඇයගේ යෙහෙලියන් තිදෙනෙකු සමග දිය ඇල්ල නැරඹිමට (18) දින පැමිණ පස්වරු 1ට පමණ දිය ඇල්ලට ජලය ගලා බසින බොවොන් ඇළට බැස පය සේදිමට උත්සහ කිරිමේදි අතුරුදහන් වු තරුණිය ජල පහරට හසු වි ගසාගෙන ගොස් ඇති බවට ඇයගේ යෙහෙලියන් තිදෙනා විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදි ඇති බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

ඩෙවොන් දිය ඇල්ලට ඉහලින් වු ඩෙවොන් ඇළේ ගල් තලාව මේ දිනවල ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග ලිස්සන සුළු බවත් එම තරුණියන් සිව්දෙනා ඩෙවොන් ඇළට බැස ඇත්තේ ඩෙවොන් ඇළට පිවිසම වැලැක්විම සදහා ඉදි කර තිබෙන කටු කම්බි වැටක්ද පසු කරමින් බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

අතුරුදහන් වු තරුණිය අඩි 297 උස ඇති ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි. අතුරුදහන් වු තරුණිය සොය ගැනිම සදහා නාවික හමුදාවේ සහ ශ්‍රි ලංකා යුධ හමුදා සහය ඉල්ලා ඇති බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now