ලක්ෂ 16ක කසිප්පු සමඟ කාන්තාවක් රත්මලානේදී අත්අඩංගුවට
By Mithu
රුපියල් ලක්ෂ 16ක් පමණ වටිනා කසිප්පු මිලිලීටර් 120,000ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, කොරලවැල්ල, පෙරේරා මාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සිදුකළ විශේෂ වැටලීමකදී රත්මලාන වෙරළ තීරයේදී අදාළ සැකකාරිය මෙම නීතිවිරෝධී මත්පැන් තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඇය ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.