පතල් හෑරීමට ගිය එක්දරු පියාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි
හොරණ වගවත්ත ප්‍රදේශයේදී අනවසර පතලක් හැරීමට ගොස් එක්දරු පියෙකු අද (16) මිය ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කත්‍රි ආරච්චිගේ ශෂික ආසිරි නැමති වයස අවුරුදු තිස් හයක් වන විවාහක පුද්ගලයෙකි. මෙම පුද්ගලයා පාන්දර 1.25 පමණ වගවත්ත ප්‍රදේශයේ කළුගඟ ආශ්‍රිතව පතල් හෑරීමට ගොස් තිබේ.
එහිදී පතල තුළට පස් කන්ඩිය කඩා වැටීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කරන විටත් මියගොස් ඇති බව වාර්තා වෙයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අනාවරනය වී ඇත්තේ අනවසර පතල් හැරීම සඳහා මෙම ස් පුද්ගලයා සමග පුද්ගලයන් කිහිප දෙනෙකු එක් වී සිට ඇති බවත් කාලයක් තිස්සේම මෙලෙස අනවසර මැණික් ගැරීම් සිදුකර බවයි