දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ බිලියන 03ක හෙරොයින්

Report

දෙවුන්දරට දකුණු දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

අද (16) උදෑසන අදාළ යාත්‍රාව සහ එහි සැකකරුවන් පස්දෙනා දික්ඕවිට වරායට රැගෙන එන ලද අතර, එහිදී සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනාවරණය වී තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බව ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී යාත්‍රාව මත්ද්‍රව්‍ය උර 06ක් සමඟ භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට

මේ අතර බේරුවල මුහුදු සීමාවේදී ද තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇති අතර, එම යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධි දෙකම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නාවික හමුදාව හා පොලිසිය විසින් සිදුකරමින් පවතී.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඩුබායි ගුවන්තොටුපොළ ඇවිලෙයි.. සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඩුබායි ගුවන්තොටුපොළ ඇවිලෙයි.. සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි