විමල් විපක්‍ෂයටද…? හිරුණිකාට වහා ප‍්‍රතිචාර…

Wimal
By Thaya Feb 15, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

තමන් විපක්ෂයට එක් වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකරන ලද මාධ්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි. තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත… හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි.

ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි. අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබු 69 ලක්ෂයේත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ථ ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අප හට එල්ල කල ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණු වල වෙනසක් නොවන බවද විශ්වාසයෙන් යුතුව කියමි. අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කරමි…!