විමල් ආණ්ඩුව විරෝධී කුමන්ත‍්‍රණයක..- පොහොට්ටු ලේකම් අදත් මාධ්‍ය හමුවේ..

Government
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව ඇතුළත බරපතළ කුමන්ත්‍රණයක සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. එම තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් වහාම ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවා ඇතැයි ද ඔහු පවසයි. විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භයට විමල් වීරවංශ මහතා කිසිම දායකත්වයක් දැක්වූ කෙනෙකු නොවන බවත් පොදු ජන පෙරමුණ හැදුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් වීරවංශ මහතා ඊට විරුද්ධ වූ බවත් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.