බස්නාහිර පළාත් පාසල් විවෘත කරනවාද ? අධ්‍යාපන ඇමති

Education Western Province
By Thaya Mar 08, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉදිරි දින දෙක තුළ ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි. දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 15 වනදා ආරම්භ කිරීමට නියමිත අතර එදින සිට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණි.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව අද (08) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. "මාර්තු 15 දිවයින පුරාම අපි පාසල් ආරම්භ කරනවා. සියලුම ශ්‍රේණිවල සියලුම පන්ති. බස්නාහිර පළාත සම්බන්ධයෙනුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය වෙලා තියෙන්නේ අපි සූදානම් කියන එක. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට අපි සූදානම්. හැබැයි ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලලා තියෙනවා.

ReeCha