11 වන දා පාසල් විවෘත කරනවාද? අධ්‍යාපන අමාත්‍යංශය කරන්න යන දේ මෙන්න

Education
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

ලබන 11 වන දින අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරෙන පාසල්වල ගුරු දෙගුරු සමිති ඉදිරි සතිය තුළ පැවැත්වීමට සැලසුම් කරඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතේ සහ හුදකලා කරඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලු පාසල් ලබන 11 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙම අදහස් පළ කළා.

"මේ සතියේ 4වනදා සිට 11වනදා දක්වා ගුරු දෙගුරු සාකච්ඡා පවත්වාගෙන යනවා.

පාසල් වැඩපිළිවෙලේ අසම්පූර්ණ තැන් දියුණු කළයුතු තැන් තියෙනවා නම් දෙමව්පියන් ඇවිල්ලා සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල තව ශක්තිමත් කරගන්න පුළුවන්."

ReeCha