මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් අත්අඩංගුවට පත්වු රිය අනතුරේ CCTV දර්ශන(VIDEO)

CCTV POLICE ACCIDENT WIJEDASA RAKITHA
By Sewvandhi Apr 20, 2021 10:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත් වු රිය අනතුරේ CCTV දර්ශන පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.