උඩරට නීතිය, තේසවලාමෙ නීතිය තිබියදී මුස්ලිම් නීතිය පමණක් අහෝසි කරන්න කියන්නේ ඇයි..- සබ්රි
මෙරට වෙනම වෙනම නීති සම්පාදනය කර තිබෙන්නේ මුස්ලිම් ජනතාවට පමණක් නොවන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. රටටම එක් නීතියක් තිබියදී උඩරට විවාහ නීතිය හා දික්කසාද නීතිය, තේසවලාමෙ නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය ආදී නීති පද්ධති ගණනාවක් විවිධ කණ්ඩායම් ඉලක්ක කර සම්මත කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි. එසේ තිබියදී මුස්ලිම් ජනතාවට පමණක් අනන්‍ය වූ නීති වෙනස් කිරීමට යෝජනා කිරීම ගැටලු සහගත යයිද ඔහු පවසයි.
මුස්ලිම් ජාතිකයන්ට වෙනම නීතියක් ඉන්දියාව, සිංගප්පූරුව, පිලිපීනය, ඊශ්‍රායලය වැනි රටවල ද ක්‍රියාත්මක වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එවන් තත්ත්වයක් තිබියදී මුස්ලිම් නීතිය පමණක් පෙන්වමින් මාධ්‍ය වලට ප්‍රකාශ කර ජාතීන් අතර විරසකයක් ඇති කිරීම සුදුසු නොවන බව ද ඇමැතිවරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.