ලෝකෙටම ගද ගහන ඉන්දියාවේ ප්‍රශ්නේ - පොදු වැසිකිළිවලට යන්නේ නැත්තේ මේ නිසා කියලා කවුද හිතුවේ
ඉන්දියාව පුරා පවතින පොදු වැසිකිළි පද්ධතිවල ඇති අපිරිසිදුකම සහ අනාරක්ෂිත බව නිසා කාන්තාවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව විශේෂඥයෝ පවසයි.
ඒ අනුව මූලාශ්‍ර සඳහන් කරන්නේ සනීපාරක්ෂාව, ආරක්ෂාව සහ සැලසුම්ගත පහසුකම්වල පවතින අඩුපාඩු හේතුවෙන් බොහෝ කාන්තාවන් මෙම ස්ථාන භාවිත කිරීමෙන් වැළකී සිටින බවයි.
එසේම කාන්තාවන් පොදු වැසිකිළි ප්‍රතික්ෂේප කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ එහි පවතින අපිරිසිදු වැසිකිළි ආසන, බිම පුරා මුත්‍රා විසිරී තිබීම සහ අධික දුර්ගන්ධය බව සඳහන්.
එමෙන්ම මෙම තත්ත්වය තවත් දරුණු කිරීමට බොහෝ ස්ථානවල විධිමත් පිරිසිදු කිරීමේ කාලසටහන් නොමැති වීම සහ ප්‍රමාණවත් නඩත්තු කාර්ය මණ්ඩලයක් නොමැති වීම හේතු වී ඇත.
මෙම තත්ත්වය හමුවේ කාන්තාවන් නිවසින් බැහැරව සිටින විට ආහාර සහ පාන වර්ග ලබා ගැනීමෙන් වැළකී සිටීමටත්, මුත්‍රා පිට නොකර දිගු වේලාවක් දරා සිටීමටත් පෙළඹෙන බවත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර ආකාරයට බලපා ඇති බවත් විශේෂඥයන් පෙන්වා දෙයි.
එසේම සෞඛ්‍ය ගැටලුවලට අමතරව, කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ පවතින බිය ද මෙම අර්බුදයේ තීරණාත්මක සාධකයක් වේ. මෙහිදී ප්‍රමාණවත් නොවන ආලෝකකරණය, කැඩුණු දොර අගුළු සහ වැසිකිළි පරිශ්‍රයන්හි පිරිමි සේවකයන් හෝ වෙනත් පුද්ගලයන් ගැවසීම නිසා කාන්තාවන් තුළ දැඩි අනාරක්ෂිත බවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම හිංසනයන්ට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ලක්වීමේ අවදානම නිසා බොහෝ කාන්තාවන් තනිව පොදු වැසිකිළි වෙත යාමට මැලි වන අතර, ඔවුන් දෙදෙනෙකු ලෙස හෝ කණ්ඩායම් වශයෙන් යාමට හුරු වී සිටින බව දැක්වේ.
එමෙන්ම 2023 වසර වනවිට ඉන්දියාවේ නිවසේ වැසිකිළියක් නොමැතිව මිලියන 163 කට ආසන්න ජනතාවක් වාසය කරන බවට දත්තා වාර්තා හෙළි කරයි.