රුපියල් කෝටියක හෙරොයින් තොගයක් කොටු වුයේ කාටද?
මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව වඩ්ඩුක්කෝඩ්ඩෛ ප්‍රදේශයේ රහසිගතව සිදු කළ මෙහෙයුමක දී රුපියල් කෝටියක් ( 10,000,000/= )වටිනා හොරොයින් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (31) චාවකච්චේරි සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ හෙරොයින් ග්‍රෑම් 1017 මිලිග්‍රෑම් 740 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු චංකානි වඩ්ඩුක්කෝඩ්ඩෛ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වන පුද්ගලයෙක් බවට හදුනාගෙන තිබේ. හෙරොයින් සමගින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුව මේ මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි , සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත, උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම හා යාපනය සුරාබදු අධිකාරී එස්. තංගරාජා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , චාවකච්චේරි, පේදුරුතුඩුව සහ මල්ලාකම් යන සුරාබදු ස්ථානයන්හි නිළධාරීන් වන රසිහරන්, රාජේන්ද්‍ර කුමාර්, යාදවන් යන සුරාබදු පරීක්ෂකවරුන්, ලක්ෂ්මන්, ප්‍රසන්න , නිමල් ජයක්‍රිෂන් යන සුරාබදු කෝප්‍රල්වරුන් සහ ජෙගන්, තේවකරුනන්, වසිකරන්, කමලන් යන සුරාබදු නියාමකවරුන් මෙම වැටලීම සිදු කළහ.