පොලිසිය ලෙස සැරසී හිස්වැසුම් නැතිව මහපාරේ ගමන් කරන යුවල කවුද?...
Police
By Thaya
පොලිස් නිලධාරින් ලෙස සැරසී යතුරුපැදි දෙකකින් හිස්වැසුම් නොමැතිව ගමන් කරනු ලබන කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, එම පුද්ගලයින්ගේ ඡායාරූප සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වු අතර ඒ සම්බන්ධව මේ වන විට අවධානය යොමුකර ඇති බවය. එම ඡායාරූපයට අනුව ඔවුන් නිසැක වශයෙන්ම පොලිස් නිලධාරින් ද යන්න තහවුරු කර ගැනීමට මෙලෙස විමර්ශනයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් ලෙස අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව අවශ්‍ය විනය පියවර ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කරයි.