අඩු මිලට සුදු ලුනු විකුණා සතොසට පාඩුු කළ ව්‍යාපාරිකයෙකුගේ විදෙස් ගමන් තහනම ඉවතට

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් 2021 වසරේ සතොස ආයතනය විසින් සහන මිලට මහජනතාවට විකිණීමට වෙන් කර තිබූ සුදු ලූණු කිලෝ ග්‍රෑම් 54,860 ක්, ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට විකිණීම නිසා රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික පාඩුවක් සිදු වූ බවට සම්බන්ධ සිද්ධියට අදාල පස්වන සැකකාර ව්‍යාපාරිකයාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළේය.

සිද්ධියට අදාල නඩුවේදී, සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

එම විදෙස් ගමන් තහනම පෙබරවාරි 20 සිට මාර්තු 31 දක්වා තාවකාලිකව ඉවත් කර ඇති බව සඳහන්. විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සඳහා ලක්ෂ 500 ක අමතර ශරීර ඇපයක් නියම කිරීමටද අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධව, සතොස ආයතනයේ හිටපු ජේෂ්ඨ කළමනාකරුවකු, හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයෙකු, සහ ව්‍යාපාරිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරී ඇත.

තීරුබදු තීන්දුවෙන් පසු ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ සාකච්ඡා කල් දමයි

තීරුබදු තීන්දුවෙන් පසු ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ සාකච්ඡා කල් දමයි

මුදාහැරුණු අය අතරින් ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයෙක් වන සුසිරි ප්‍රියන්ත පෙරේරා සහ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනකු වන දීපාක් කෘෂ්ණා කුමාර් සහ සොහාල් කුමාර් ඇතුළත්ය.