හිඟුරක්ගොඩ දරුණු අනතුරක්

Report

හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේදී අද (23) උදෑසන මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එම අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

 ඉන් බරපතළ තුවාල ලබා ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

පොලීසිය සඳහන් කළේ අනතුර සිදු කළ මෝටර් රථය පළා ගොස් ඇති බවයි .

එම තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා එම අවස්ථාවේදී රෝගීයෙකු බැලීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ගමන් කරමින් සිටි බව වාර්තා වී තිබේ.

ඔවුන් අනතුරට ලක්කළ මෝටර් රථය පොළොන්නරුව දෙස සිට හිගුරක්ගොඩ දෙසට ධාවනය කර ඇති බවත් සදහන් වේ.

නේපාලයේ බිහිසුණු අනතුරක් - 17ක් මරුට

නේපාලයේ බිහිසුණු අනතුරක් - 17ක් මරුට

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

තවද හිගුරක්ගොඩ පොලීසිය විසින් සීසීටීවී දර්ශන ඔස්සේ මෙම අනතුර සිදු කර පළා ගිය මෝටර් රථය සොයා විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

''සොරකම් නවත්වන්න ආපු ආණ්ඩුව ගල් අගුරු වලින් හොරකම් කරලා, ආණ්ඩුවට කට උත්තර නෑ'' විමල්ගෙන් චෝදනා

''සොරකම් නවත්වන්න ආපු ආණ්ඩුව ගල් අගුරු වලින් හොරකම් කරලා, ආණ්ඩුවට කට උත්තර නෑ'' විමල්ගෙන් චෝදනා