''මට සිහිය නැතිවෙලා ඉස්පිරිතාලෙදී තමයි දන්නෙ අම්ම මියගිහින් නංගියි, මල්ලියි ඉස්පිරිතාලෙ කියලා,, තණකොළවත්තේ අනතුරින් මියගිය මව ගැන දියණිය හෙළිකල සංවේදී කතාව
හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ සංචාරකයින් රැගත් බස් රථයක් යටියන්තොට, තණකොළවත්ත ප්රදේශයේදී පාර අසල පන්ති යාම සඳහා සිටි දරුවන් තිදෙනෙක් හා මවක් යටකරගෙන පෙරළීයාමෙන් ඉකුත් 20 දින සවස සිදුවූ අනතුරින් මව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
ඉන් පසුව දරුවන් තිදෙනා රෝහල්ගත කර තිබුණි.
මෙම අනතුරින් එම ස්ථානයේදීම දිවි අහිමි වූයේ තණකොළවත්තේ පදිංචි කේ.ඩී. මේලා චතුරානි කුලතුංග නම් 46 වියැති තිදරු මවටයි.
මෙම මාරක බස් රිය අනතුරින් දිවි බේරාගත් බී.වී. ධනුදි මෙත්සි නම් පාසල් සිසුවිය සදහන් කළේ මෙවන් අදහසක්
“මට සිහිය නැතිවෙලා ඉස්පිරිතාලෙදී තමයි දන්නෙ අම්ම මියගිහින් නංගියි, මල්ලියි ඉස්පිරිතාලෙ කියල. දැන් අපි තනිවෙලා. තාත්තා ඩුබායි රටේ ඉන්නේ”
රෝහල්ගත කර සිටි වැඩිමහල් දියණිය සුවය ලබා නිවස පැමිණි අතර,
ඇය සදහන් කළේ මෙවන් සංවේදී කාරණයක්
මම පන්ති යන්න අම්මත් සමඟ පාරට ගිය විට නංගියි මල්ලිත් ආව. ඒ වෙලාවෙ තමයි මේ අනතුර වුණේ. මට මොනව වුණාද දන්නෙ නැහැ. අපිවත් යට කරගෙන ගේ ළඟටම බස් එක ඇවිත් පෙරළිලා. මට සුළු තුවාල වුණත් අම්ම එතනදීම නැති වෙලා. මට උහුලන්න බෑ. දැන් අපිව බලා ගන්නෙ කවුද. නංගිටයි, මල්ලිටයි අමාරුයි. මල්ලිගෙ ඇහැක් මොකක්ද වෙලාලු ඉළඇට කැඩිලලු. “නංගිගෙ අත පය කැඩිලලු. ඒගොල්ලො කොළඹ යවලා. අනේ මොන අපරාධයක්ද වුණේ.”
මෙම අනතුර සිදුකළ බස් රථයේ ඉන්දීය සංචාරකයන් පිරිසක් ගමන් කර තිබුණි මෙම අනතුර සදහා බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
යටින්තොට පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී. ඒකනායක මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.