විස්කි තොගයක් දඩුගම පාලම අසළදී අත්අඩංගුවට ....

Whiskey
By Thaya Apr 01, 2021 04:32 AM GMT
Thaya

Thaya

Report

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් හය ලක්ෂයක් (6 00 000/-)වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ජාඇල දඩුගම පාලම අසළදී ජාඇල සුරාබදු නිලධාරීන් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් (විස්කි )බෝතල් 50 ක් තිබුබව ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් මහතා පවසයි. මුහුදු මගින් මෙරටට ගෙන්වා ඇති විදේශීය මත්පැන් තොගය වැඩි මිලට අලෙවි කරද්දී වෙස් වලාගත් සුරාබදු නිලධාරීයකු රුපියල් පන්දාහකට මත්පැන් බෝතල යක් මිලදී ගන්නා අවස්ථාවේ මත්පැන් තොගය හා සැකකරුව අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

සැකකරු කාලයක් තිස්සේ මත්පැන් ජාවාරම ඉතා හරසිගතව පවත්වාගෙන ගොස් ඇති අතර මේ තුළින් රජයට විශාල වශයෙන් බදු ආදායමක් අහිමිවී ඇතැයිද සුරාබදු නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරු අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ වරද පිළිගත් බැවින් සැකකරුට රුපියල් හැට දහසක (60 000/-) දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත ,ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී. ඉන්ද්‍රනාත් මහතාගේ අධික්ෂණය යටතේ ,ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතගේ මෙහෙයවීම මත සුරාබදු පරීක්ෂක ලක්මාල් බණ්ඩාර ,සැරයන් වරුන්වන ලොකුපිටිය ,හේරත්,කෝප්‍රල් වරුන්වන ධර්මසිරි ,සුරංග ,නියාමකවරුන්වන උදාර ,බුද්ධික,ධනුක,සමීර,රියදුරු රවින්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.