චීන ආරක්ෂක ඇමති සහ මෙරට ජනපති අතර සාකච්ඡාවක් ඇරඹෙයි.

By Aruna Apr 28, 2021 06:58 AM GMT
Report

මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා (Wei Fenghe) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

එමෙන්ම ඔහු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද දිනයේ හමුවීමට නියමිත බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා හෙට (29) පෙරවරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතයි.