වට්ස්ඇප් භාවිතය අනතුරුදායකයි.. පුද්ගලිකත්වය අහෝසියි.. රහස්‍යභාවය ඉවරයි..- TRC කියයි…
WhatsApp
By Thaya
වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරයි.
එහි රහස්‍යභාවය සම්පූර්ණයෙන් අහෝසි වන බවත් පුද්ගලිකත්වය නිරාවණය වන බවත් ඔහු කියා සිටියි.
කෙසේ නමුත් තම ආයතනය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.