වට්සැප් පරිශීලකයන්ට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Social media Whatsapp Viduli shandeshana niyamana commotion
By Aruna May 16, 2021 04:00 AM GMT
Aruna

Aruna

Report

 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ඊයේ (15) දින සිට යාවත්කාලීන කරලීමට වට්සැප් සමාගම කටයුතු කර ඇත.

යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව නොපිළිගන්නා වට්සැප් පරිශීලකයන්ට ඉදිරි සතිවලදී වට්සැප් සමාගම විසින් සම්බාධක පැනවීමක් සිදුකෙරෙනු ඇති බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වේ.

මෙම සම්බාධක පැනවීම හරහා පරිශීලකයන් හට තම චැට් ලැයිස්තුවට පිවිසීම සීමා වනු ඇති අතර අවසානයේදී පරිශීලකයන්ට වට්සැප් යෙදුම හරහා පැමිණෙන ඇමතුම් වලට පිළිතුරු දීමටද නොහැකි වනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සභාපති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now