රජපිහිල්ල උද්‍යානයේ ගස් කැපු අයට සිදු වන්නට යනදේ මෙන්න..
කුරුණැගල රජපිහිල්ල උද්‍යානයේ තිබු විශාල ප්‍රමාණයේ ශාඛ 28ක් විනාශ කර දැමීම සම්බන්ධයෙන් තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (04) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
එමෙන්ම මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හෝ එහි දිස්ත්‍රික් නිලධාරින් හෝ අනුමැතිය ලබා දී ඇත්ද යන්නත් සොයා බලන ලෙස අමාත්‍යවරයා විමසා සිටියේය.
කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීම සඳහා මෙම ගස් කපා දමන ලදැයි අදාල පාර්ශ්ව විසින් ප්‍රකාශ කර ඇතැයි කී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධයෙන් මේ වනවිටත් පරිසර සංවිධාන විසින් තමන්ගෙන් කරුණු විමසන අතර, සමාජ මාධ්‍ය තුළ රජය දැඩි ලෙස විවේචනය කරමින් යම් යම් පළ කිරීම් සිදු කර ඇති බවත් සඳහන් කළේය.
2021 වර්ෂය සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් පිළිබඳව අමාත්‍යවරයා විසින් අද දින පෙරවරුවේ අමාත්‍යාංශයේ නිලධාරින් දැනුම්වත් කිරීම සිදු කළේය.
ඒ අනුව අමාත්‍යවරයා විසින් ප්‍රමුඛ ව්‍යාපෘති 10ක් ඇතුළත් වැඩපිළිවෙළක් යෝජනා කර එය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නේය.
එහිදී රජපිහිල්ල උද්‍යානයේ ගස් 28ක් කපා දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා කොවිඩ් 19 නිසා රට තුළ පවතින තත්ත්වය වන සංහාරය සඳහා ඇතැම් පුද්ගලයින්ටඅවස්ථාවක් උදාකර දී ඇතැයි ද සඳහන් කළේය.
එමනිසා මෙවැනි වන සංහාර සම්බන්ධයෙන් නිලධාරින් යොදවා විමර්ශණ කරන ලෙසත්, ඒ සම්බන්ධව නිවැරදි තොරතුරු මාධ්‍යවෙත ලබා දීම අමාත්‍යාංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියේය.