සහල් මොල් හිමියන් තිදෙනෙක් එක්වී රටේම වී වලට කරන්න යන දේ මෙන්න.

Rice
By Thaya Feb 27, 2021 06:47 PM GMT
Report

මෙම කන්නයේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී මිල පාලනය කොට නිෂ්චිත මිල ගණන් තීන්දු කිරීම සඳහා පොෙළාන්නරුවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් තිදෙනා පසුගියදා විශේෂ රැස්වීමක් පවත්වා ඇත. ඒ සඳහා මෙරට වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක 10ක ප්‍රධාන නියෝජිතයන් 10 දෙනකුද කැඳවා තිබිණි. දිස්ත්‍රික් මට්ටමින් මෙම ප්‍රධාන මෝල් හිමියන් නියම කරන නිශ්චිත මිලට වී මිලදී ගැනීම සඳහා නියෝජිතයන් 10 දෙනෙකු පත්කර ඔවුනට මසකට රු.75,000ක වැටුපක් ගෙවා ඔවුන්ගේම මිල පාලන ක්‍රමවේදයක් සැකසීමටද මෙහිදී මෝල් හිමියෝ තීන්දු කළහ.

ප්‍රධාන මෝල් හිමියන් තිදෙනා අතර තරගකාරීත්වයකින් තොරව වී මිල පාලනය කිරීම මෙම රැස්වීමේ නිශ්චිත අරමුණ විය. මෙහිදී දැනට නාඩු සහල් සඳහා පනවා තිබෙන කිලෝවකට රු.96/- පාලන මිල රු.100/-ක් දක්වා ඉහළ දැමිය යුතු යැයිද තීන්දු කර තිබේ. ඒ අතර රජය ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදෙන බැවින් එම පොහොර හිලව්වට සහතික මිලට වී මිලදී ගැනීම මුදල් අමාත්‍යංශය රුපියල් කෝටි 1600ක් මේ සතියේ වෙන්කළ බවද වාර්තා විය.