පාසල් දරුවන්ට ඉදිරියෙදී ලැබෙන්න යන දේ මෙන්න.

Education
By Thaya Mar 05, 2021 07:38 PM GMT
Report

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි. "පාසල් සිසුන්ගේ සපත්තු කුට්ටමක් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතුව රුපියල් 300ක් මිල අඩුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තිබෙනවා. අභ්‍යාස පොත්, CR පොත් ඇතුළු පොත් මිල පහතට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණත් අරගෙන තියෙනවා."