වේල්ල වීදිය කාන්තා මළ සිරුර: SI ලියූ ලිපිය මාධ්‍යවලින් ප්‍රචාරය කිරීමෙන් වුණ දේ

Police Media
By Thaya Mar 08, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

පසුගිය දා තරුණියක ඝාතනය කර මළ සිරුර ගමන් මල්ලක දමා කොළඹ, වේල්ල වීදියේ තබා යාමේ සිද්ධිය පිළිබඳව දැඩි කතාබහක් ඇති වූ අතර ඝාතනය සිදු කළ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා සිය දිවි හානි කර ගැනීමට පෙර තම බිරිඳට ලියන ලද ලිපිය ද ප්‍රසිද්ධියට පත් විය. මෙම ලිපිය මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද්දේ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගේ ලිපිය සිය දරුවන්ට පවා නොපෙන්වන ලෙසට ඉල්ලීමක් ද කර තිබියදීය. එම සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගේ සහ ඝාතනයට ලක් වූ තරුණියගේ පවුල්වල සාමාජිකයන් මෙම ප්‍රචාරණයන් හරහා අගතියට පත්වන අතර මෙම අවස්ථාවේදී එම සාමාජිකයන්ගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කළ යුතු බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් මනෝ චිකිත්සක, මනෝ උපදේශක අමා දිසානායක මහත්මියගෙන් 'මව්බිම' වෙබ් අඩවිය කළ විමසීමේදී ඇය මෙලෙස අදහස් දැක්වීය. "අදාළ සිද්ධිය ගැන සමාජ මාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වුණා. කවුරුවත් හිතුවේ නැහැ මේ ගෑණු ළමයාගේ අම්මා, සහෝදරයෝ වගේ ජීවත්වෙලා ඉන්න අය ගැන. මේ අය කොහොම ද මේකට මුහුණ දෙන්නේ කියන එක හිතුවේ නැහැ කවුරුවත්. කුණු රහක් හොයන්න වගේ තමයි හැමෝ ම පෙළඹුණේ. ඒ වගේ ම ඒ උපපොලිස් පරීක්ෂකවරයාගේ තරුණ දරුවෝ ගැන හිතුවේ නැහැ. ඒ දරුවන්ට වුණත් නරක විදියට මේ පිළිබඳව එක එක්කෙනා විවේචනය කරන්න ගත්තා. මම කියන්නේ නැහැ මේක හරි කියල. මේක වැරදියි තමයි. නමුත් එහෙම හැසිරීමක යෙදිලා නැති අය වගේ හැසිරෙන සමහර අය පෞද්ගලික වශයෙන් ඇත්තට ම මේ විධියේ සම්බන්ධතා තියෙන, මේ වගේ යෝජනා කරපු අයත් එම සිදුවීම විවේචනය කරල කතා කරන්න පටන් ගත්තා. විශේෂයෙන් ම මාධ්‍යවල හැසිරීමත් මම දන්නවා. ප්‍රධාන ධාරාවේ මධ්‍යවලට වඩා සමාජ මාධ්‍යවල මේක හරිම ඉක්මනට පතුරුවන්න පටන් ගත්තා."

කෙසේ නමුත් සමාජය තුළ මෙම සිදුවීම් පිළිබඳව කතා කරන, සමාජ මාධ්‍ය ජාල හරහා ඒ පිළිබඳව තොරතුරු සංසරණය කරන පුද්ගලයන් එම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල ජීවත්ව සිටින සාමාජිකයන් ගැන අවධානය යොමු කළ යුතු බව මනෝ චිකිත්සක අමා දිසානායක මහත්මිය අවධාරණය කළාය. "මැරෙන කෙනා මැරුණා. ඒත් ජීවත් වෙන මිනිස්සු මැරි මැරි ඉපදෙනවා. එළියට යන්න නැහැ. දරුවන්ට යැපෙන්න ක්‍රමයක් නැහැ. ඒ ළමයි ජීවිතේ ඉස්සරහට යන්න ඕන, ඉගෙන ගන්න ඕන, විවාහයක් කර ගන්න ඕන. කොහොම ද මේ ඔක්කොම කරන්න," ඇය ඒ පිළිබඳව පැහැදිලි කළාය.