කාන්තාවන් යෙදු සමාජ ශාලාවට වුණු ඇබැද්ධිය?..
කාන්තාවන් යොදා ගෙන මත්පැන් අලෙවි කරමින් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් මාතර ප්‍රදේශයෙන් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ (14)අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වයින් මිලි ලීටර් එක්ලක්ෂ පහලොස් දහසක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.
අදාල සැකකරු ක්‍රීඩා සමාජ ශාලාවක් ලෙස බලපත්‍රයක් ලබාගෙන තිබු අතර එම බලපත්‍රයට මත්පැන් ලබා ගත හැක්කේ ක්‍රීඩා සමාජයේ සමාජිකයින් සදහා පමණක් බවද ධීර ගුණසේකර මහතා පවසයි. සැකකරු කාන්තාවනේ යොදා ගෙන මත්පැන් වැඩිමිලට අලෙවි කරමින් සංගීත යද යොදාගෙන රාත්‍රී සමාජ ශාලාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයිද , මහජන පැමිණිල්ලකට අනුව අදාල ස්ථානය කොටුකර ගත් බවද සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කොට දැඩි දඩුවම් පැමිණවීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ . ගුණසිරි මහතාගේ උපදෙස් මත , දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ ස්ථානාධිපති ධිර ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත,සුරාබදු පරීක්ෂක චන්න කුමාර,සැරයන් 770 විරාජ් හේමපාල,නියාමක 1031 උපුල් ,1059 සහන් පෙරුමාබදු,1072 රජිත මිහිරංග,1073 රොහාන් බුද්ධික,රියදුරු හර්ෂ විදුරංග යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

