තම බිරිඳට දත් කැඩෙන්නට පහර දුන් ස්වාමියාට වුණු දේ

Husband
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Report

සිය බිරිඳගේ දත් කිහිපයක් කැඩෙන්නට පහර දුන් පුද්ගලයෙක් අද උදෑසන මීගහකිවුල ඇල්ලන් ද ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගෙදර ඇල්ලන්ද පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකි. පහරකෑමට ලක්වූ බව කියන 28 හැවිරිදි ඔහුගේ බිරිඳ ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ස්වාමිපුරුෂයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි