තම දියණියන් දෙදෙනා දූෂණය කළ බේබදු පියා ට සිදු වූ දේ

Police
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

මෙයට වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩුවිභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කරන ලදී.පෙර දඬුවමට අමතරව එක් නඩුවකට රුපියල් දස දහස බැගින් නඩු හතරට රුපියල් හතළිස් දහසක දඩයක් ද එය නොගෙවන්නේ නම් මාස 24ක සිරදඬුවමක් ද නියම විය.

තවද වින්දිත දැරියකට එක් නඩුවකට රුපියල් පනස්දහසක් බැගින් නඩු 4ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙසට ද එය නොගෙවන්නේ නම් තවත් වසර 4ක සිරදඬුවමක් ද නියම කෙරිණි.මෙසේ සිරදඬුවම්, දඩ සහ වන්දි නියම වූයේ ඒ. එච්. විජිත නම් විත්තිකරුටය.වයස අවුරුදු 14 සහ 16 හැවිරිදි දැරියන් දෙදෙනා සිටි නිවසට බීමත්ව පැමිණි පියා (විත්තිකරු) දියණියන් දෙදෙනා දූෂණය කිරීම යන චෝදනා 3ක් මත නඩු 4කින් විත්තිකරුට විරුද්ධව මාතර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ කි‍්‍රෂාන්ත ද අල්විස් සහ දයාන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ