පිරිමි ඇඟ විශාල කර පෙම්වතිය පුදුම කිරීමට ගිය පෙම්වතාට වුණු දේ

Boyfriend
By Thaya Mar 16, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

ආදරවන්තයින්ගේ දිනයට තම පෙම්වතිය විශ්මයට පත් කිරීමේ අදහසින් තම ශිෂ්ණය විශාල කර ගැනීමට අමුතු ත්‍රාසජනක ක්‍රියාවක් සිදුකළ පුද්ගලයෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු තම ශිෂ්ණය සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබියදී ලෝහ මුදුවක් දමාගෙන ඇති අතර ඉන් දිනකට පසුව ඔහුගේ ශිෂ්ණය ඉදිමීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පසුව ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු තායිලන්තයේ බැංකොක් නුවර රෝහලක වෛද්‍යවරුන්ගේ සහාය පතා තිබෙනවා. ඒ අනුව වෛද්‍යවරුන් ඔහු රෝහලට රැගෙන ගොස් කටර් අඩු මඟින් අදාළ ලෝහ වළල්ල ඔහුගේ ශිෂ්ණයට කිසිඳු හානියක් සිදුනොවන ආකාරයෙන් ආරක්ෂිතව කපා ඉවත් කර තිබෙනවා.

මෙම සැත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරට ගලවාගැනීමේ නිලධාරීන් පවසා ඇත්තේ, “මෙය අප මෙතෙක් මුහුණ දී ඇති අමුතුම සිද්ධීන්ගෙන් එකක් බොහෝ විට අප මුහුණ දෙන්නේ මිනිසුන්ගේ ඇඟිලිවල මුදු සිරවී තිබීමේ ගැටළුවලට පමණයි. එහෙත් පුදුමයට කරුණක් වූයේ මොහුගේ ලිංගය මුදවක් සිරවී තිබීමයි” යනුවෙනි. මෙම පෙම්වතා හරියට මාසයකට අධික කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඊයේ රෝහලින් පිටව ගිය බව විදෙස් වාර්තා සඳහන් කළා.


GalleryGalleryGalleryGallery