සමාජ මාධ්‍ය කැළඹූ සිංහරාජයේ ජාවාරමකට ගිය කණ්ඩායමකට වේච්ච දෙයක්.

Sinharaja
By Thaya Mar 16, 2021 06:12 PM GMT
Report

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා. විශේෂ කාර්ය බලකායේ (STF) මෙහෙයුමකින් අනතුරුව සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ එම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වන සංරක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් පරිසර හානි කිරීම් අවම කිරීමට අවශ්‍යය වැටලීම් සහ අදාළ නීතිමය කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.