සෑම ගෙවත්තකටම ජනපති අතින් නොමිලේම ලැබෙන දේ මෙන්න.(PHOTOS)

Gotabaya rajapakshe Bandula gunawardhana Every garden Kaha pela
By Aruna May 02, 2021 12:59 AM GMT
Report

සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා 01 පෙරවරුවේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැලයක් රෝපණය කළේය. නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.

ගුණාත්මක බවින් ඉහළ පැල සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකිය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

[FB_IMG_1619916690918.jpgï]

[FB_IMG_1619916699504.

[FB_IMG_1619916703369.

[FB_IMG_1619916710982.

GalleryGallery