සියලු රාජ්‍ය සේවකයින් අද සිට අනිවාර්යයෙන් කළ යුතු දේ.

Sri Lanka
By Thaya Mar 08, 2021 05:41 PM GMT
Thaya

Thaya

Report

අද (8) සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් පසුගිය සිකුරාදා නිකුත් කෙරුණේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනිනි. මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.