පශු වෛද්‍ය බිරිඳ වෙනුවට වෙදකම් කරන්න ගිය සැමියා නිසා ලක්ෂ එකහමාරක් වටින බල්ලා මැරිලා

By Sewvandhi May 22, 2022 08:06 AM GMT
Report

වේයන්ගොඩ, පත්තලගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යන පශු වෛද්‍ය මධ්‍යස්ථානයක පශු වෛද්‍යවරිය වෙනුවට ඇගේ සැමියා සුනඛයකුට ප්‍රතිකාර කිරීම හේතුවෙන් එම සුනඛයා මියයෑමේ පුවතක් වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා වෙනවා. පශු වෛද්‍යවරියට එරෙහිව වේයන්ගොඩ පදිංචිකරුවකු විසින් මෙසේ පොලිසියට පැමිණිලි කර ඇත

. තම නිවසේ හදා වඩාගත් සුනඛයාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අදාළ පශු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දින හතරක් සුනඛයාට ප්‍රතිකාර කළ බවත්, පසුව ඉකුත් 13 වැනිදා සුනඛයා මියයෑමෙන් පසුව සොයා බැලීමේදී සුනඛයාගේ අයිතිකරුට දැනගන්නට ලැබී ඇත්තේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරියක් සිටින නමුත් ඇය මේ දිනවල දරු ප්‍රසූතියෙන් පසු නිවසට වී සිටින බැවින් වෛද්‍ය වරියගේ ස්වාමිපුරුෂයා විසින් මෙලෙස’ ප්‍රතිකාර කර ඇති බවත්ය.

එම පශු වෛද්‍ය’ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මියගිය සුනඛයා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා ජර්මන් ෂෙපඩ් වර්ගයේ සුනඛයෙකු බව පැමිණිලිකරු සඳහන් කරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now