බස්නාහිර විශේෂ මෙහෙයුමක්

Police
By Thaya Mar 29, 2021 07:13 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාත ආවරණය සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,120 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) උදෑසන 7 සිට සවස 05 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 47ක් , අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 418ක් සහ දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 549 දෙනෙකු වන බව සඳහන් වේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව එම මෙහෙයුම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.