වෙසක් උත්සව සංවිධානය කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්
ට තුළින් හඳුනාගන්නා කොවිඩ්-19 ආසාදිතයින් ඉහළ යෑමත් සමග වෙසක් සමයේ උත්සවවලට සහ දන්සැල් සංවිධාන කිරීම්වලට සීමා පනවන්නැයි සෞඛ්‍ය අංශවලින් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ එළඹෙන මාසය තුළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරණක් බවය.
"එළඹෙන මාසය තුළ ඉතාමත්ම තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන උපදෙස පොලිස්පතිතුමාට දෙන්න කියන අපි කියා සිටියා. සංචරණය යම්කිසි ආකාරයකට සීමා කරලා ඒකරාශී වන උත්සව ටික නවත්වන්න කටයුතු කිරීම වැදගත්. ඊයේ දිනයේදී වෙසක් සහ දන්සැල් කලාප සංවිධානය කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් යෝජනා වුණා. වෙසක් කාලයේදී ජනතාව විශාල වශයෙන් ආගමික සිද්ධස්ථානවලට යනවා. ඒ වගේම දන්සැල් සඳහා සූදානමක් තිබෙන බව පේන්න තියෙනවා. ඒ සියලුම කටයුතු මේ මාසය තුළ තාවකාලිකව නවත්වන්න කියලා යෝජනා වුණා. ඒක ඉතාමත්ව වැදගත් වෙනවා."
