වැලිගම සිද්ධියේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තීන්දුව
වැලිගම නගරයේදී පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ. රාජකාරී පැහැර හැරීමේ චෝදනා යටතේයි මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (20) රාත්‍රියේ මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ.
පසුගිය 17 වනදා වැලිගම බස් නැවතුම්පොළට ආසන්නයේදී මිදිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඥාතීන් චෝදනා කළේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට පොලිසිය පිළිබඳව සැකයක් පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආපනශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙක් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාලව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |