“වෙලේ සුදා” ලබන ජූනි 17 දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග

Court Wela suda
By Thaya Feb 23, 2021 05:33 PM GMT
Report

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ලබන ජූනි 17 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දැනුම් දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතායි නියෝගය ලබාදුන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමින් යුත් මුදල් සහ දේපළ සම්බන්ධයෙන් වෙලේ සුදා – ඔහුගේ බිරිඳ ඇතුලු පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේයි මෙම නඩුව පවරා ඇත්තේ.

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ යි රඳවා සිටින්නේ.