එපා කියද්දි මගුල් කාලා මඟුල් ගෙදරම දවස් 14ක් ඉන්න වෙයි...මනමාල යුවලටත් කොරෝනා.
Covid
Sri Lanka
Wedding
Madurankuliya
By Aruna
නිරෝධායන ඇදිරි නීතිය නොතකමින් මදුරන්කුලිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ මනාල යුවළ ඇතුළු පුද්ගලයින් 28දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.
මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ මදුරන්කුලිය – කනමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ එම විවාහ උත්සවය පැවැති බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුනු තොරතුරක් අනුව එම ස්ථානයට යන විට එහි සිටි පුද්ගලයින් පිරිසක් පලා ගොස් ඇත.
එම ස්ථානයේ සිටි පවුල් 09කට අයත් පිරිස විවාහ මංගල්‍යය උත්සවය පැවැති නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
