නිරෝධායන නීති උල්ලංඝණය කර මංගල උත්සව පවත්වන්නන්ට මොකද වෙන්නේ ?(VIDEO)
covid19
isolated
quarantine
upul rohana
wedding ceremony
By Sewvandhi
පවත්වනු ලබන විවාහ මංගල උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ කරමින් පවත්වන බවත්, ඒවාට අදාළ ඡායාරුප ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයට ලැබී ඇති බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී පවත්වන සියළුම විවාහ මංගල උත්සව දැඩිව පරීක්ෂා කරන බවත්, එම අවස්ථාවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර තිබුණහොත් අදාළ උත්සව සංවිධානය කරන පුද්ගලයින්ට හෝ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව නෛතිකව කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර විවාහ මංගල උත්සව පැවැත්වුවහොත් කොවිඩ් පොකුරු ඇති විය හැකි බැවින් විවාහ මංගල උත්සව අවලංගු කිරීමට අදාළ තීරණ ගැනීමට බලපෑම් කිරීමට සිදුවන බවත් උපුල් රෝහණ මහතා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |