විවාහක රූ රජින තරගයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් නිවේදනයක්..

By Aruna Apr 15, 2021 06:13 AM GMT
Report

පසුගියදා මෙරට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රජින තරගයේදී ඇති වූ සිදුවීම පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි එම තරගයේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ දැනුවත් වීමකින් පසු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය 4 වැනිදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී පිෂුප්කාද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා දෙවන තැන දිනු කාන්තාවට පැළඳවීමට කැරොලයින් ජූරි කටයුතු කළේය.

එය දෙස් විදෙස් මාධ්‍ය වල විශේෂ පුවතක් සේ පළ විය. කෙසේ වෙතත් පසුව මෙරට සංවිධායකයන් විසින් නැවතත් එම කිරුළ පුෂ්පිකා ද සිල්වා වෙත ලබා දීමට කටයුතු කරනු ලදී.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් ඇත.