හෝමූස් සමුද්‍ර සන්ධිය ගිනියම් වෙයි - භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

Report

ඉරාන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයකදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වෙත කුඩා යාත්‍රා කිහිපයක් මගින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවයි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත ගමන් කරමින් තිබූ බවද වාර්තා වේ.

"ඉරානය තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නෑ" - සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් රතු එළියක්

"ඉරානය තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නෑ" - සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් රතු එළියක්

ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන “Minoan Falcon” නෞකාව විය හැකි බවට සැක පළවේ. සිද්ධියෙන් පසු එම නෞකාවේ ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කර ඇති බවද සඳහන්ය.

වාර්තා අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා භාවිතා කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් පෙරද භාවිතා කර ඇත.

අප්‍රේල් 22 වන දින “Epaminondas” සහ “MSC Francesca” නෞකා අත්පත් කර ගැනීම සඳහාද එම ක්‍රමයම භාවිතා කර ඇති අතර, පසුව එම නෞකා සිරික් වරාය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

සටන් විරාමය ලේ වැකි වෙයි - සති දෙකකට පසුත් ලෙබනනයේ 385ක් මරුට

සටන් විරාමය ලේ වැකි වෙයි - සති දෙකකට පසුත් ලෙබනනයේ 385ක් මරුට